අපේ ත්රිප්ටකය අයත් බන පොත්වල දක්නට ඇති දේ කෙටියෙන් දක්වමි. මජ්ජිම නිකායේ මජ්ජිම පන්නසකගේ ජීවක සුත්‍රයේ සරල සිංහල තේරුම දක්වා සිටිමි.
එක කලක බුදු රජාණන්වහන්සේ ජීවකයන්ගේ අබ උයන්හි වාසය කරන කල්හි දිනක් ජීවකයා මෙසේ ඇසිය. “ස්වාමිනි බග්යවතුන්වහන්ස, මෙවැනි කතාවක් මා විසින් අසන ලදී. “ඔබවහන්සේ තමන් උදෙසා මරණ ලද සතුන්ගේ මස් වලදති” යන කතාව. ස්වාමිනි මෙය ඇත්තක්ද? නැතහොත් ඔබ වහන්සේට නැගු අබුත චෝදනාවක්ද? ඒවට අප බුදුරජුන් පිළිතුරු දෙමින් ජීවකය, මෙය මා විසින් කියල ලද්දක් නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කිරීම පිණිස ගොතන ලද්දකි. “මම දැක්ක හෝ ඇසු හෝ සැක සිතු මස් අනුබව නොකර යුතු යැයි කියමි. “
ඉහත කරනා තුනෙන් යුක්ත නොවූ මස් පමණක් වැළදිය යුතු යැයි කියමි. හෙවත් නොදක්නා ලද නොඅසන ලද සැක නොකළ මස් පමණක් වැළදිය යුතු යැයි කියමි.
ජීවකය, ශාසනයහි යම් භික්ෂුවක් යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාසය කරයි. හේත්ට්ම මයිත්‍රී සහගත සිතින් එක දිසාවක් පතුරුවා වාසය කරයි. දෙවන තුන්වන සතරවන උඩ යට සරසා දිසාවන් පතුරුවා වාසය කරයි.
ඒ භික්ෂුව වෙත දායකයන් පැමිණ හෙට දවසට දනට ආරාධනා කරයි. භික්ෂුව එය පිළිගනී. පසුදින දායකයාගේ ගෙදරට වැඩම කරවා දානය වලදි. මෙසේ වලදන භික්ෂුවට මම ප්‍රනීත පිණ්ඩපාතයක් වලදන්නෙමි යන සිතක් පහල නොවේ. එහි නොඇලී නොහැටී සිහිනුවනින් එය වළදති.
ජීවකය, එය ඒ භික්ෂුවට හෝ අන්‍යන්ට දුක් පිණිස වන්නේය යි සිතන්නෙහිද?
නැත ස්වාමිනි. මට එසේ නොසිතෙයි.
ජීවකය, ඒ භික්ෂුව නිවැරදිව ආහාරය ගත්තේ නොවේද?
එසේය ස්වාමිනි.
ජීවකය , තථාගත තෙම රාග – දෝස – මෝහ යන මුල් මුල්මනින්ම සිද දැමිය. නැවත නුපදන ලෙසම විනාශ කළේය.
ජීවකය, ශාසනයහි යම් භික්ෂුවක් යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාසය කරයි. හේත්ට්ම මයිත්‍රී සහගත සිතින් එක දිසාවක් පතුරුවා වාසය කරයි. දෙවන තුන්වන සතරවන උඩ යට සරසා දිසාවන් පතුරුවා වාසය කරයි.
ජීවකය, යම් කෙනෙක් තථාගයන් වහ්සේ උදෙසා හූ තථාගත ශ්‍රාවකයෙකු උදෙසා හෝ සතෙකු මරත් ද හෙතෙම පස් ආකාරයකින් පව් රැස් කරයි.
“යව, අසවල් සතා ගෙනේව” යි යම් වචනයක් කියයිද එවිට ඔහුට මුල් වරට පව් පිරෙයි. ඒ සතට වද දෙමින් ගෙනෙන විට දෙවන වර පව් පිරෙයි. ” මේ සතා මරව” යි කී විට තුන්වනුවත් පව් පිරෙයි. ඒ සතා මරණ මොහොතෙහි සතරවන වර පව් පිරෙයි. ඒ මස් වලින් තථාගතයන් හෝ ශ්‍රාවකයෝ වළදන කල්හි පස්වන වර පව් පිරෙයි.
ජීවක සුත්‍රයේ බුද්ධ ශ්‍රාවකයන්ට දානය සදහා මස් පිදීම පිලිබදව පැහැදිලි නිරවුල් අදහස ගැබ් වී ඇත.
බුද්ධක නිකායට අයත් අපදාන අතර වූ “දෙවරතනිය” තෙරාපාදනයේ පෙර බවයක එම භික්ෂුව “මහා වනයේ මුව වද්දෙක්වූ මම පුජාර්හ වූ බුදුරජුන් (පුරාන බුදු කෙනෙකි) දිටිමි. එම බුදුරජුන් වෙත ගොස් මස් කැබැල්ලක් පිදු පිනෙන් ලෝකයට ප්‍රධානියෙක් විය.
මෙබදුම අවස්ථාවක් තෙරගතා අතර “සුචින්තික” තෙරාපාදනය තුලද දක්නට ඇත.
“කෙසර සිංහයෙකු මෙන් නිර්බිත මම මහා වනයෙහි හැසිරෙන වැද්දෙකව සතුන් මරා ජීවත් වීමි. මට වැඩ කැමති අත්තදස්සි බුදුරද මා සොයා පර්වතයට වැඩියේය. තිත් මුවෙකු මරා කෑමට සුදානම් මොහොතේ බුරුරජුන් වැඩි කල උන්වහසේට මස් පිළිගන්ව එමගින් සතුටට පත්ව පසුව මිය ගියෙය්මි. මස් දානයෙහි පිනෙන් දෙව්ලොව උපන්නෙමි.
ජීවක සුත්‍රයේ එන අදහසත් ඉහත කරුනුත් අතර පරස්පරයක් ඇති බවට යමෙකුට තර්ක කල හැක.
නමුත් ඉහත කරනා සහ අවස්ථා ඉතා ගැබුරින් සිතා විමසා බැලිය යුතුය.
1. එම බුදුවරයන් මස් දානය පිලිගත්තට වැළදු බවක් නැත.
2.මස් පුද ඇත්තේ සතුන් මරමින් මස් වෙළදාමෙන් හෝ මස් අනුබවයෙන් ජීවත් වූ දෙදෙනෙකි.
3. පසු බවයන්හි හෝ එයින් ගැලවීමේ හැකියාව පවතී නිසාම මහා කරුණාවෙන් එම මස් දානය අනුකම්පාවෙන් පිළිගෙන ඇත.
4. පෙර බවයක මස් වැද්දන් දෙදෙනා පසුව බුදුහිමියන්ගේ කල රහත් වූ යයි.
5. මස් වැද්දෙක් උවත් තමන් සතු වටිනාම කොටස බුදු කෙනෙකුට පුජා කිරීම මගින් ඒ සතුටෙන් හා පිනෙන් පසු කාලයේ සුගති ගමිව රහත් වීමට වරම ලබා ගෙන ඇත.
6. ඒ සදහා පාදක වී ඇත්තේ චේතන්වමය.
7. සතුන් මැරුවේ බුදු රජුන්ට දෙන අටියෙන් නොවේ. වැද්දන් පරිබෝජනයට මැරූ සත්ව මස් බුදු රජුන් වැඩි නිසා උන්වහන්සේට පුජා කර ඇත. (බුදුරජුන් එම ස්ථානයට් වැඩම වුයේත් ඔහුගේ පපකරම නැවතීමේ අටියෙනි.)
මස් පුජා කරලත් දෙව්ලොව සැප විදිය හැකි නෙදදි සිතා බුද්ධ ශර්වකයන්ට මස් දීමෙන් ගතහොත් එහි චේතනාව අනිකකි. ගමන අපායට මිස දෙව්ලොවට නම් නොවේ. එය පිනක් වුයේ වැද්ද මස් පුජා කිරීම නොව ඔහු සතු වටිනාම දෙය බුදුන්ට දීමය.
එක්තරා කලක භික්ෂුවකට අමනුෂ්යෙකු විසින් කරනා ලද රෝගයක් විය. වෙදුන් කොතරම් බෙහෙත් කලත් සුවක් නොවින. ඒ අමනුශ්‍යවෙස මහන නම උරු මස් ලමුවෙන් අනුබව කළේය . අමු රුදිරයද පානය කළේය. එමගින් අමනුශ්‍යබදය සුව විය.
බුදුරජුන්ට කරණය සැල විය. රෝගයේදී අමු මස් සහ අමු ලේ ද අනුදනමි. මාංශ අනුබවය සහලේ පානය භික්ෂුව විසින් නොකළේය. ඔහුට ආවේශ වී සිටි අමනුශ්‍යම ඒ දේවල් කළේය.
ඉහත සදහන් කරේ පැවදි පක්ෂයට අයත් භික්ෂුෂුන් වහසෙක උදෙසාය. ගිහි අපට එබදු කිසිම නීතියක් පනවා නැත. එහෙනම් ගිහිය මස් මනස කමේ වරදක් නැති කෙනෙකුට සිතන්නට පුළුවන.
ජීවක සුත්‍රයට අනුව පැවිදි පක්ෂය ත්‍රිකෝටික පරිශුද්ද මනසය අනුබව කල හැකි නම ගිහි අපට ඕනෑම මස් කෑමට හැකි යි කෙනෙක් කීමට පුළුවන.
මෙත්තා මුදිතා කරුනා ගුණයෙන් යුක්ත පුද්ගලයෙක් නම් මෙත්තාව පතුරුවමින් වඩමින් සිටින තැනැත්තෙකුට කිසිදු සත්වයකුට අල්ප මාත්‍රයක තරමක් වූ හිංසාවක් නොකර පුද්ගලයෙකුට කව්රුන් හෝ වේවා මරණ ලද සතෙකුගේ මස් ඇබින්දක් වත් දිවට රස දනවන ලෙසට මුවට ගැනීමට හැකියාවක් තිබේද? යන ප්‍රශ්නයට ගැබුරින් පිළිතුරක් සපයා ගත යුතුව ඇත.

වෙනත් අයෙකු විසින් ප්‍රනීත ලෙස සැකසු මස් කැල්ලක් කටට ගත්විට මේ මස් කල්ල අයත් සතා මරණ මොහොතේදී කෙසේ සිටින්නට ඇත්ද? කෙබදු තත්වයකට පත්වන්නට ඇත්ද? යනාදී අවිහිංසාවාදී සිතුවිලි ඇතිවුවහොත් එම මස් කල්ලේ රස විදිමින් ගිලදමන්නට හැකියාවක් ලැබේද? දිවට දැනෙන රස තණ්හාව වැඩෙන්නට වුවහොත් වඩමින් ඉන්න පතුරුවමින් ඉන්නා මෛය්ත්රියට සිදුවන්නේ කුමක්ද?

මද්යම ප්‍රතිපදාව ගිහි පැවිදි දෙපසටම එකසේමය. ඊට අදාල එක අංගයකි“සම්මා සංකප්ප” යන්න. එහි ඇතුලත් සංකල්ප තුනෙන් එකකි “ආවිහින්සවාදී සංකල්පය”. මේ අවිහිංසාවාදී සංකල්පය සමග ද සත්ව මස් කෑමට අපේක්ෂා කරන හා දැඩි රුචියක් දක්වන අයවලුන් ගලපා බැලිය යුතුමය. විශේෂයෙන් මස්-මලු මිලදී ගෙන සකසා ආහාරයට ගන්නා කව්රුත් දුරදිග විමසා බැලිය යුතු කාරණයකි.
තවත් අතකින් මේ මද්යම ප්‍රතිපදාවටම අයත් තවත් අංගයකි “සම්මා ආජීවය”. එහි මුලටම විග්‍රහ වෙන්නේ මස් පිණිස සතුන් ඇතිකිරීම හා සතුන් වෙළදමය.
සැබෑ බෞද්ධයකුට මේ දෙකෙන් එකක්වත් කිරීමට හැකියාවක් තිබේද? ආහාරයට ලබා ගනු පිණිස මුදලට හෝ නොමීලය් වේවා සතුන් ඇති කරන අයෙකු තුල එම සතා මරා හෝ නොමරා වෙලදාම් කරන අයෙකු තුල මේ සම්මා අජීවයට අයත් නොකළ යුතු කටයුත්ත කෙරෙත් නම් එබදු අයෙකු තුල සම්මා අජීවයක් පැවතිය හැකිද? මැදුම් පිළිවෙතක් කොහින්ද?
මස් පිණිස සතුන් මැරීම අදික වර්තමානයේ ස්වබාව ධර්මය විසින්ම දෝ විටින් විට ලෝකවාසීන්ට ඒ ඒ මස් කෑමෙන් වලකාලන ගවකුර රෝග, කුරුළු උන රෝග ආදීය ලොව පුරාම පැතිර යමින් මිනිසාගේ ගතට සතට දෙකටම දනවන අයුරු දක්නට ඇත.
අපේ බන පොත්වල ඇති නිමි රජතුමාට අපාය පෙන්වීමට සක් දෙවිදු අවස්ථාවක් සලසා දුන් කතාව “නිමි ජාතකය” තුල දක්නට ලැබේ.
ඉහත සියල්ල සලකා බලා මස් කෑම පිළිබද බොදු මතය පැහැදිලි කරගත යුතුය. බොහෝ දෙනෙකුට මස් කෑම පිළිබද ගැටළු ඇති නමුත් මට නම් කිසිදු ගැටළුවක් නැත.
ඒ මන්දයත් ජීවන ප්‍රතිපත්තියක් ලෙසට මස් මලු කෑමෙන් මුල්මනින්ම වැලකී සිටින අයෙකු වන නිසාය. මා වෙනුවෙන් හෝ මා නිසා හෝ කිසිදු සත්වයෙක් මැරෙන්නේ හෝ මරන්නේ නැති බව ඉතා හොදින් දත් බැවිනි. ඒ අනුව සියලු සතුන්ට මාගෙන් අබය දානය ලැබී ඇති බව දත් නිසාය.

එහෙත් ඇතැම් විට නිවසින් බැහැරව ආහාරයට මස් මාන්ස එකතු වී ඇති අවසථා උදා වෙයි. එවිට මස් මාන්ස ඉවත් කොට ඉතුරු ආහාරය අනුබව කරයි. එක වර හදුනා ගත නොහැකිව මුව තුලට මස් මාන්ස යාමටද අවසථා ඇත. අවිට මස් යැයි හදුනා ගතහොත් මුවින් ඉවත ලමි. එසේ නොදැනෙන අවස්ථා ගැන සැලකිල්ලක් නොදක්වමි. මක්දයත් මස් මලූ ලේ රස දිවට නොදැනෙන බැවිනි. මස් මලූ කන බවට හැගෙන්නේ නැති විටෙක මස් මලූ පිළිබද රස තෘෂ්ණාව වැදීමක් හෝ ඒවා සෙවීමක් නොමැත. උවමනාවෙන්ම සොයා සොයා මස් මලූ කමක් නැත. මස් කෑම පිළිබද රසක් තොරව කැවෙන්නට ඉඩ ඇත. ඒ පිලිබදව අන්තවාදී නොවෙමි. ඒ කෙරෙහි උපේක්ෂාවෙන් බලමි.
මුලාශ්‍රයන්:
“නුතන බෞද්ධ මතවාද හා ශාසනික අර්බුද”
බන්දුල අත්තනායක.
මෙහි ව්‍යාකරණ දෝෂ සහ වචන වල අඩු පාඩු ඇතොත් සමවනු මැනවි.